
ශ්රී ලංකාවේ වෙරළට ඔබ්බෙන් නාවික සැතැපුම් 24කට පමණ දුරින් වාණිජ නෞකාවල සිටි ඉරාන ජාතික නාවිකයන් 40 දෙනෙකු පමණ ගාල්ල වරාය හරහා රට තුළට රැගෙන ඒමට කටයුතු කළ බව විදේශ කටයුතු අමාත්යාංශය පවසයි.
ඒ, ඔවුන්ගෙන් සෞඛ්ය තත්ත්වය පිළිබඳව ලැබුණු හදිසි ආධාර ඉල්ලීම්වලට ප්රතිචාර දක්වමින්, ක්රියාත්මක කළ මානුෂීය මෙහෙයුමකිනි.
මෙම මෙහෙයුම කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසින් සංවිධාන කර ඊට අවශ්ය පහසුකම් සලසන ලදී.
ගොඩබිමට පැමිණීමෙන් අනතුරුව අවශ්ය වෛද්ය ප්රතිකාර ලබාගත් එම නාවිකයන් පිරිස නැවත තම මව්රට බලා පිටත්ව ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.