
ගාල්ල - හබරාදූව, කොග්ගල මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරයට පිවිසීමට ඇති දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
චාරිකාවක් සදහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.50ට මරාදාන බලා ධාවනය වෙමින් තිබූ සීඝ්රගාමී දුම්රියයේ අදාළ බස් රථය ගැටී තිබූ අතර, තුවාල ලැබූවන් මේ වන විට උණවටුන සහ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධියට අදාළව රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ළමුන් උපකාරක පන්ති ගුරුවරුන් සහ දෙමාපියන් සමග කොට්ටාව ප්රදේශයේ සිට කෞතුකාගාරය නැරඹීමට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, දෙමාපියන් 06 දෙනෙකු සහ ළමුන් 41 දෙනෙකු බස් රථයේ සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.