
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය අද දින (ඔක්තෝබර් මස 25) පෙරවරු 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 15.1° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්රගතව පැවතුණි.
මෙම පද්ධතිය බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ නැගෙනහිර - මධ්යම සහ ඊට යාබද ගිනිකොන දිග ප්රදේශය හරහා නිරිත දෙසට ගමන්කර ක්රමයෙන් හැරී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්,හෙට (ඔක්තෝබර් මස 26) උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් මස 27 වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර - මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව ප්රබල සුළි කුණාටුවක් බවටත් තව දුරටත් කීව්ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්රවාහය දිවසින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කෙරේ.
උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්යම පළාත්වල සහ අනුරාධපුර දිස්ත්රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්රදේශවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශ වලත් උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-50 ක පමණ කද සුළං ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ