
සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරු අප්‍රේල් 10 වනදා සිට 15 වනදා දක්වා වූ
කාලය තුළ දිවයින පුරා මාරක අනතුරු 42 ක් වාර්තා වී තිබෙනවා.
මෙම අනතුරු හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව
පොලීසිය පවසනවා.
පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති
W.P.J. සේනාධීර සඳහන් කළේ අප්‍රේල් 13, 14 සහ 15 යන දිනවල පමණක් මාරක
අනතුරු 19 කින් 19 දෙනෙකු මියගොස් ඇති බවයි.
පසුගිය 2025 වසරේ අප්‍රේල් 13,14 සහ 15 යන දින තුන තුලදි මාරක රිය
අනතුරු 25 ක් සිදුවි ඇති අතර ඉන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ වසරේ අප්‍රේල් මස 13,14 හා 15 යන දිනවල සිදුවු අනතුරුවලට යතුරු පැදි
16 ක් ත්‍රිරෝද රථ 4 ක්, කාර් රථ 2 ක්, වෑන් රථ 4 ක්, කැබ් රථ 2 ක් හා පාපැදි
2 ක් ගොදුරුවී ඇති අතර බෝහො අනතුරුවලට හේතුව බීමත්ව රිය ධාවනය
බව පොලිසිය පවසනවා.