
ශ්‍රී ලංකා නාවික හමුදාවේ දිගු දුර මෙහෙයුම් නෞකා මඟින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කොට තිබෙනවා. එම බෝට්ටුවේ සැකකරුවන් සිව් දෙනෙකු සිටින බව සඳහන්. එම බහුදින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගය සහ සැකකරුවන් මේ වන විට දික්ඕට ධීවර වරාය වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව පවසනවා. හෙට (17) උදැසන වන විට දික්ඕට ධීවර වරාය වෙත ලඟාවීමට නියමිතයි.