
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට දින (අප්‍රේල් 17) ක්‍රියාත්මක නොවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීමක් යථාවත් කිරීම සඳහා අවශ්‍ය කාර්යයන් මේ වනවිටත් සිදු කරමින් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.