
රථ වාහන නීතියෙන් අනුමත කොට ඇති වාහන වල අංක තහඩු නියමිත
වර්ණයෙන් නොමැති නම් එවැනි වාහන අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක
කරන බව පොලිසිය පවසනවා.
මොටර් රථ වාහන නීතිය අනුව වාහනයක ඉදිරි පස අංක තහඩුව සුදු පැහැති
පසුබිමක කලු පැහැති අකුරු හා ඉල්ක්කම්වලින් සම්න්විත විය යුතු අතර පිටු
පස අංක තහඩුව කහ පැහැති පසුබිමක කලු පැහැති අකුරු හා ඉල්ක්කම්වලින්
සම්න්විත විය යුතුයි.
එහෙත් මේ වනවිට විවිධ වර්ණයන්ගෙන් අංක තහඩු සවි කරගෙන වාහන ධාවනය
කරන බව දක්නට ලැබෙන බවත් එය රථ වාහන නීතිය උල්ලංගනය කිරීමක් බවත්
පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J.
සේනාධීර අද(16) පැවති මාධ්‍ය හමුවකදි සඳහන් කළා.
මෙය මෝටර් රථ වාහන පනතේ 21,22,23, හා 24 වගන්ති යටතේ තදබල වරදක්
බව සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර ඔවුන්ට එරෙහිව දැඩිව
නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස් ස්ථානවලට උපදෙස්දී ඇති බව කියා සිටියා.
විශේෂයෙන් රාත්‍රි කාලයේදි හොර හරක් ප්‍රවාහනයට, නිති විරෝධි මත් පැන් ප්‍රවාහනය
වැනි නීති විරෝධි ක්‍රියා සඳහා මේ අයුරින් අපහැදිලි ලෙස අංක තහඩු භාවිතා
කරන බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා
සඳහන් කළා.
නිසි ප්‍රමිතියෙන් තොර වාහන සහ අනුමත අංක තහඩු නොමැති වාහන ඇතුළු රථ
වාහන නීතියට පටහැනිව ධාවනයට යොදවා ඇති වාහන අත්අඩංගුවට ගෙන
මොටර් වාහන පරික්ෂකට ඉදිරිපත් කොට අධිකරන ක්‍රියා මාර්ග ගන්නා ලෙස පොලිස්
රථ වාහන නිලධාරීන්ට උපදෙස් දී ඇති බව නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර
වැඩිදුරටත් සඳහන් කළා.