
හෙට (මැයි 31) දිනයේදී ද උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා ස්වේච්ඡාවඑන් තම සූර්ය පැනල ක්රියා විරහිත කරන ලෙස, ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම සූර්ය පැනල හිමිකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කරන්නේ, විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය සහ අඛණ්ඩ විදුලි සැපයුම රැක ගැනීම වෙනුවෙන් එලෙස සූර්ය පැනල ක්රියා විරහිත කිරීමට කටයුතු කරන ලෙසයි.
අද (මැයි 30) පෙරවරුවේ දිවයිනේ ප්රදේශ කිහිපයකින් විදුලි බිඳ වැටීම් වාර්තා විය.
මේ සම්බන්ධයෙන් ජාතික පද්ධති ක්රියාකරු පුද්ගලික සමාගම විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
