
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන දස ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,010,807 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
මේ අතර මැයි මාසය ආරම්භයත් සමග මේ දක්වා පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 134,530ක් බවද එම අධිකාරිය සඳහන් කළා.