
රුපියල් කෝටි ගණනක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් සමඟ, කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනෙකු පසුගියදා ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශ නිලධාරීන් විසින් කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අතර ප්‍රවීණ රංගන ශිල්පියෙකුගේ පුත්‍රයෙකු සහ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරිනියකගේ පුත්‍රයෙකු ද සිටින බව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය මඟින් අනාවරණය කරගෙන ඇත.
මොවුන් මෝටර් රථයකින් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ප්‍රධාන සැකකරු විසින් ක්ෂේත්රයේ නිළියන් රැසක් මෙම මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වැදගත් තොරතුරු හෙළිදරව් කර ඇති බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.