
ගිනි අවි හා පතොරම් තොගයක් සමග, කඩුවෙල පොලිස් වසමේ වැලිවිට ප්රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කඩුවෙල ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි ගරාජ් හිමියෙකු බව සඳහන්.
ඊයේ (13) උදෑසන කාලයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
එහිදී බලපත්ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි බෝර 12 ගිනි අවියක්, රයිෆල් අවියක්, බෝර 12 පතොරොම් 15 ක්, රයිෆල් පතොරොම් 02 ක්, මැගසින් 01 ක් සහ මිලිමීටර් 7.62 ජීව පතොරොම් 50 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.