
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකර තිබූ තාවකාලික අට්ටාල මහා සංඝරත්නය විසින් ඉවත් කරගෙන තිබේ.
ඒ අද (16) උදෑසන කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ නියෝගයට ගරු කරමිනි.
අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන් අතර එම අධිකරණ නියෝගය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලාට කියවා භාර දීමටද පොලිසිය පියවර ගැනුණි.