
කෙන්යාව පුරා දින කිහිපයක් තිස්සේ පවතින අධික වර්ෂාව සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය සිකුරාදා සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි පමණක් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
මීට අමතරව කෙන්යාවේ අනෙකුත් ප්‍රදේශවලින් මරණ 16ක් වාර්තා වී ඇති අතර තවත් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටියි.
විදෙස් වාර්තාවන්ට අනුව, ඉදිරි දිනවලදී ද වර්ෂාව තවදුරටත් පැවතිය හැකි බැවින් පහත් බිම්වල වසන ජනතාවට වහාම ඉවත් වන ලෙස කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.