
උතුරු චීනයේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
තවත් පුද්ගලයින් නව දෙනෙකු අතුරුදන්ව ඇති බවත් සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේදී පතල තුළ සේවකයින් 247 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මකව ඇති චීන ජනාධිපති ෂී ජින්පින්, තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සහ සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම වෙනුවෙන් හැකි ඉක්මනින් සහන සේවා ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට නියෝග කර තිබෙනවා.
එමෙන්ම මෙම අනතුර සිදුවීමට හේතුව වහාම සෙවීමට පරීක්ෂණයක් පවත්වන ලෙසත්, වගකිව යුත්තන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.