
පාකිස්ථාන අගමැති Muhammad Shahbaz Sharif මහතා චීන සංචාරයකට සැරසේ.
චීන අගමැතිවරයාගේ ආරාධනයෙන් හෙතෙම එළඹෙන 23 වැනි දා සිට 26 වැනි දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය අද (21) ප්‍රකාශ කළේය.
පාකිස්ථාන අගමැතිවරයාගේ චීන සංචාරය, චීනය හා පාකිස්ථානය අතර තානාපති සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය සපිරීම සනිටුහන් කරමින් සිදු කරන වැදගත් රාජ්‍ය නායක මට්ටමේ හුවමාරුවක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුවෝ චියා කුන් මහතා අද(21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය.
Muhammad Shahbaz Sharif මහතා චීනයේ රැඳී සිටින කාලය තුළ චීන ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.