
ඊශ්‍රායල ජනාධිපතිවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයට එරෙහිව විරෝධය පෑ විරෝධතාකරුවන් සහ ඕස්ට්‍රේලියානු පොලිසිය අතර ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගත් බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ඊයේ රාත්‍රියේ සිඩ්නි හි පැවති මෙම විරෝධතා රැලිය අතරතුර පොලිසිය විරෝධතාකරුවන්ට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද නිකුත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ගැටුම්වලින් තුවාල ලැබූවන් අතර ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන බව සඳහන්.
විදෙස් වාර්තාවන්ට අනුව, ගැටුම්වලින් පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම ඉන් නව දෙනෙකුට නිලධාරීන්ට පහර එල්ල කර ඇති බවට ද චෝදනා එල්ලව තිබේ.
ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණීම සිදුවන්නේ, සිඩ්නි හි බොන්ඩායි වෙරළේ හනුක්කා උත්සවයකදී සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවයි.
ඒ, අයිසැක් හර්සොග්ගේ සංචාරය යුදෙව් ප්‍රජාව සුවපත් කිරීමට උපකාරී වනු ඇතැයි උපකල්පනය කරමිනි.