
මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වාභාවික විපතකින් පසු රට අඛණ්ඩව පීඩා විඳින බැවින්, මෙම නත්තල සානුකම්පාවෙන් යුතුව සමරන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින්, කාදිනල් හිමිපාණන් සඳහන් කරන්නේ නායයෑම් සහ දරුණු ගංවතුර හේතුවෙන් මිලියන එකහමාරකට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවත්, ගණන් කළ නොහැකි තරම් ජීවිත සංඛ්‍යාවක් පොළොව යට වැළලී ඇති බවයි.
එවන් වේදනාකාරී තත්වයකදී ප්‍රීතිමත් සැමරුම්, අධික වියදම් සහ නාස්තියෙන් වළකින ලෙසයි කාදිනල් හිමි බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඒ වෙනුවට ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් කාදිනල් හිමි ඉල්ලා සිටියි.
