
දිට්වා සුළි කුනාටුව සමග හටගත් අපදා හේතුවෙන් නිවාස 41000 කට වැඩි ප්‍රමනයක් හානියට පත්ව ඇති බව අලුත්ම වාර්තා සඳහන් කරනවා. මේ වනවිට පවතින වාර්තාවන්ට අනුව නිවස 971 ක් මුලුමනින්ම විනාශයට පත්වී ඇති අතර නිවාස 40358 ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. වැඩිම නිවාස සංඛ්‍යාවක් හානියට පත්ව ඇත්තේ බදුල්ල දිස්ත්රික්කයේය. බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 269 ක් සම්පුර්ණයෙන් හානියට පත්ව ඇති අතර නිවාස 3896 ක් අර්ධවශයෙන් හානියට පත්ව තිබෙනවා. කුරුණැගල නිවාස 92 ක්, පුත්තලම නිවාස 89 ක්, ගම්පහ නිවාස 102 ක් කෑගල්ලේ නිවාස 111 ක්, මාතලේ දිස්ත්‍රික්කයේ නිවාස 109 සම්පුර්ණයෙන් හානියට පත්ව ඇති බව සඳහන්. මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 8358 ක් , වවුනියවේ නිවාස 4135 ක් , ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 3805 ක් ,කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස 1483 ක් , රත්නපුර නිවාස 6434 ක් , කළුතර නිවාස 851 ක් , පුත්තලමේ නිවාස 1522 ක්, පොලොන්නරුවේ නිවස 2009 ක් සහ කුරුණැගල නිවාස 902 ක් අර්ධ වශයෙන් හානියට පත්ව තිබෙනවා.