
තව දින කිහිපයක කාලයක් ගෙන, නව අයවැයක් ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එම නව අයවැය ඛේදවාචකයට මුහුණ දුන් ජනතාවට සහන සලසන එකක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ, අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
''...පාර්ලිමේන්තුව සිකුරාදා රැස්වෙලා අයවැයක් අනුමත කරගන්නවා නේද. අද රටේ තත්ත්වයට මේ අයවැය ඔබිනවද. මේ රටේ තත්ත්වයට සුදුසු අයවැයක් ද මේ සිකුරාදා සම්මත කරගන්න හදන්නෙ.
මොකක්ද කළ යුත්තේ,
ඇත්තම කතා කරනවා නම් මේ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් විපතට පත්වුණු අවස්ථාවක අපි සංවේදී වෙන්නට ඕනි. අපි තව දින ගණනාවක් අරගෙන අපි අලුත් අයවැයක් කෙටි කාලීනව, දින කිහිපයක් තුළ මේ විපතට පත් වුණු ජනතාවට සහන සලසන අයවැයක් ,ආපදාවට පත්වුණු ප්‍රදේශ ගොඩනඟන අයවැයක්, විනාස වුණු යට වුණු ඒ ජන ජීවිත බල ප්‍රදේශ ගොඩනඟන අලුත් අයවැයක් අවශ්‍යයි නේද..
මොකක්ද මේ සිකුරාදාට අපි කරන්න යන විහිළුව. මහා විපතක් වෙලා, මහා සුළි කුණාටුවක් නිර්මාණය වෙලා.. ඒ සිදුවුණු විපත තඹ සතේකට ගණන් ගන්නෙ නැතුව අර එදා කරපු අයවැය කතාවම අපි අනුමත කරන්නට යෝජනා කරනවා.
මම යෝජනා කරනවා තව දින කිහිපයක් අරගෙන ලබන සතියෙ අපි අලුත් අයවැයක් ඉදිරිපත් කරමු, මේ ඛේදවාචකයට මුහුණ දුන්නු ජනතාවට සහන සපයන අලුත් අයවැයක්....''