
ඔන්මැක්ස් ඩී.ටී ප්‍රයිවට් ලිමිටඩ්" නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන
යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය වංචාවක් කිරීමේ සිද්ධියට
අදාළව මේ වන විට පැමිණිලි 17,341 ක් අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව රජයේ අධි නීතිඥවරයා කොළඹ
ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දන්වා සිටියා.
සියලුම පොලිස් ස්ථාන වෙත අගතියට පත් පාර්ශවයට පැමිණිලි කිරීම
සඳහා නිවැරදි වූ සැලැස්මකට අනුව ලේඛනයක් ඉදිරිපත් කර තිබු බවත්
ඒ අනුව ලංකාව පුරා සියලු පොලිස් ස්ථාන වෙතින් පැමිණිල්ල ලැබී ඇති
බව සඳහන් කරමින් රජයේ නීතිඥවරයා ඒ බව දන්වා සිටියා.
අගතියට පත් පාර්ශවයට පැමිණිලි ලබාදීම සඳහා 2025 ජුලි මස 25 සිට
2025 දෙසැම්බර් 2 දක්වා කල් ලබා දී තිබුණ බවද අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි රජයේ අධිනීතීඥවරයා සඳහන් කළා.
මෙම සිද්ධියට අදාළව දිනෙන් දින පැමිණිලි ප්‍රමාණය වැඩි වී තිබීම නිසා
කරන ලද මූල්‍ය වංචාව බිලියන 1.3 ප්‍රමාණය දක්වා වැඩි වී ඇති බවත්
අගතියට පත් පාර්ශ්වයට එම මුදල් ලබාදීමටනම් බිලියන හතක ප්‍රමාණයක්
තිබිය යුතු බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්
දුන්නා.
අගතියට පත් පාර්ශවය සඳහා මෙම මුදල් ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක්
සෑදීමට පියවර ගන්නා බවද නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියා.