ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ ළමා ගීතයක් වන 'Baby Shark' ගීතයේ නිෂ්පාදකයින්ට එරෙහිව අමෙරිකානු නිර්මාපකයෙකු ඉදිරිපත් කළ චෝදනා දකුණු කොරියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, වසර හයක් තිස්සේ පැවති නෛතික අරගලයක් අවසන් කරමින්.
'Baby Shark' ගීතය එහි සුවිශේෂී තනුව සහ "doo doo doo doo doo doo" යන හඬ රටාව නිසාවෙන් මහත් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර එය youtube නැරඹුම් වාර බිලියන 16 ඉක්මවා ඇත.
Baby Shark නඩු තීන්දුව සහ එහි පසුබිම :
ජොනතන් රයිට් (Jonathan Wright), හෙවත් ජොනී ඔන්ලි (Johnny Only) 2019 මාර්තු මාසයේදී සෝල් හි නඩුවක් ගොනු කරමින් සඳහන් කර තිබුණේ, "Pinkfong" (එවකට ''ස්මාර්ට්ස්ටඩි'') විසින් නිකුත් කරන ලද "Baby Shark" ගීතය, ඔහු 2011දී නිකුත් කරන ලද ගීතයක පිටපත් කිරීමක් වන බවයි.
ඒ අනුව ඔහුගේ තර්කය වී ඇත්තේ එම අනුවාදයේ ප්‍රකාශන අයිතිය තමා සතු වන බවයි.
නමුදු මෙම ගීතය වලංගු ප්‍රකාශන හිමිකම් නොමැති සාම්ප්‍රදායික උතුරු අමෙරිකානු ළමා ගීතයක ප්‍රතිනිර්මාණයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කර තිබෙනවා.
ඒ අනුව "Pinkfong" සමාගම සඳහන් කරන්නේ, ඔවුන්ගේ ගීතය ද එම පොදු ජන ගීතයේම අනුවාදයක් වන බවයි.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වී ඇත්තේ, රයිට්ගේ අනුවාදය මුල් ජන ගීතයෙන් සැලකිය යුතු වෙනස්කම් මට්ටමකට ළඟා වී නොමැති බවයි.
Pinkfong හි සාර්ථකත්වය :
Pinkfong සමාගමේ "Baby Shark" අනුවාදය ,යූ ටියුබ් අවකාශය වෙත එක්කරන ලද්දේ 2016 වසරේදීයි.
අනතුරුව එය 2020 නොවැම්බර් වන විට බිලියන 7 ක නැරඹුම් වාර ගණනක් ලබා ගනිමින් යූ ටියුබ් හි වැඩිපුරම නරඹන ලද වීඩියෝව බවට පත්වූ අතර වසරකට පසු, එය බිලියන 10ක නැරඹුම් වාර ගණනක් ඉක්මවූ පළමු යූ ටියුබ් වීඩියෝව බවට ද පත්විය.
ගීතයේ ඉතිහාසය :
මෙම ගීතය 1970 ගණන්වල අමෙරිකා එක්සත් ජනපදයේ නිර්මාණය වූවක් බව සැලකේ.
ඊට බොහෝමයක් අනුවාද නිර්මාණයව ඇති නමුත් ඒවා Pinkfong හි අනුවාදය තරම් සාර්ථක වූ ඒවා නොවේ.
මුල් අනුවාදයන් වත්මන් අනුවාදය තරම් සුහදශීලී නොවන අතර, සමහර අවස්ථාවලදී භයානක සිදුවීම් පවා ඒවායින් විස්තර කර තිබේ.
අද වන විට, "බේබි ෂාක්" ගීතය භාෂා 100කට වැඩි ගණනකට පරිවර්තනය වී ඇති අතර, එය චිත්‍රපටයක් ලෙස පවා නිර්මාණය වී තිබේ.
එමෙන්ම එය සමාජ මාධ්‍යවල "Baby Shark Challenge" නමින් නර්තන උන්මාදයක් ඇති කරන ලදී.
Blackpink සහ Red Velvet වැනි ජනප්‍රිය K-pop කණ්ඩායම්ද ඔවුන්ගේ ප්‍රසංග සහ රූපවාහිනී වැඩසටහන් හරහා මෙම ගීතය තවදුරටත් ව්‍යාප්ත කළ අතර මෙම ගීතය ක්‍රීඩා සහ දේශපාලන උද්ඝෝෂණ සඳහා ද යොදා ගෙන ඇත.