
පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළ පරිදි ශ්‍රී ලංකාව කිසිදු අවස්ථාවක බොරතෙල් බැරලයක් ඩොලර් 286 ක මිලකට මිලදී ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා අවධාරණය කරනවා.
අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියා.
එහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ කිසිදු අවස්ථාවක බොරතෙල් බැරලයක් එවැනි මුදලකට මිලදී නොගත් බවත් මැදපෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වූ පසු බොරතෙල් රැගත් නෞකාවක් පසුගිය මාර්තු මස 11 වැනි දින මෙරටට පැමිණි බවත් එහි මිල වූයේ බැරලයක් ඩොලර් 66.99ක් වන බවයි.
ඉන් පසුව අද (17) දිනයේදී බොරතෙල් නැවක් දිවයිනට ළඟා වීමට නියමිත බවත් එහි මිල වන්නේ බැරලයක් ඩොලර් 71.99ක් බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.
ඒ අනුව බොරතෙල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මුදලකට මිලදී නොගත් බවත්, ඩීසල් මිලදී ගැනීමේදී ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවූ බවත් සභාපතිවරයා සඳහන් කළා.
සභාපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය මෙතැනින්,