
තාක්ෂණය භාවිතා කරමින් සිදු කරන අපරාධ ඉහල ගොස් ඇති බව පොලිසිය පවසනවා. පසුගිය 2025 වසරේ දි එවැනි අපරාධ පිලිබඳ පැමිණිලි 10015 ක් ලැබි ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන අංශයේ සහාකාර පොලිස් අධිකාරි W. පුෂ්පමාල් ජයනෙත්සිරි පවසනවා. ඉන් 3000 කට වැඩි ප්‍රමාණයක් සයිබර් වංචා සම්බන්ධ පැමිණිලි බව සහාකාර පොලිස් අධිකාරි W. පුෂ්පමාල් ජයනෙත්සිරි සඳහන් කළා. විවිධ අයුරින් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් වංචනිකව මුදල් ලබා ගැනීම සහ විවිධ නීති විරෝධි කටයුතුවලට යොදා ගැනීම ආදිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබි ඇති අතර මෙම වංචනික ක්‍රියා හේතුවෙන් අහිමි වු මුදල අතිවිශාලයි. මෙලෙස වංචා කරන මුදල් රටින් පිටතට යෑමද රටක් වශයෙන් ගැටළුවක් බව සහාකාර පොලිස් අධිකාරි W. පුෂ්පමාල් ජයනෙත්සිරි වැඩිදුරටත් සඳහන් කළා.