
ආර්ථික ආවේක්ෂණ කමිටුව සමඟ එක්ව, ගෝලීය අස්ථාවරත්වය හේතුවෙන් දේශීය ආර්ථිකයට හා ජන ජීවිතයට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ගත යුතු ක්ෂණික පියවර සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටු 04ක් පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ, ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
එම කමිටු 04 පහත පරිදි වේ.
කාර්යයන් :
ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු සැපයුම් ස්ථාවරව පවත්වාගෙන යාමට අදාළ හදිසි මිල දී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම, සැපයුම් මූලාශ්රයන් සහ නව සැපයුම්කරුවන් හඳුනාගැනීම
කාර්යයන් :
රාජ්‍ය සේවය අඛණ්ඩව, කාර්යක්ෂමව හා ක්‍රමානුකූලව පවත්වා ගනිමින් ආර්ථික කටයුතු පවත්වා ගැනීමට මෙන්ම මහජනතාව සඳහා අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා කඩිනමින් තීරණ ගැනීම
කාර්යයන් :
අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය හා පුද්ගලික සැපයුම් දාමයන් අඛණ්ඩව පවත්වා ගනිමින් මහජනතාවට වෙළෙඳපොළ හිඟයකින් තොරව සාධාරණ මිලට භාණ්ඩ සැපයීම තහවුරු කිරීම
කාර්යයන් :
දෛනික ජන ජීවිතයේ ඇති වන ගැටලු සහ බලපෑම් ක්ෂණිකව හඳුනාගෙන අවශ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීම