
විහාරමාහාදේවී උද්යානයේදී බලංගොඩ කස්සප හිමියන් හට පොලීසිය පහරදුන් බවට උලපනේ සුමංගල හිමියන් කළ ප්රකාශය සම්බන්ධයෙන් අද (19) දින කොළඹ අපරාධ කොට්ඨාසය උලපනේ සුමංගල හිමියන්ගෙන් ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙලෙස ප්රකාශ සටහන් කරගනු ලැබුවේ උලපනේ හිමියන් සේවය කරන නාරහේන්පිට ඩඩ්ලි සේනානායක විද්යාලයේදීයි.
මෙම ප්රකාශ ලබාගැනීම සදහා පැය 4ත් 05ත් අතර කාලයක් ගත වූ බවයි උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ.