
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වන සංජය සමරසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මීට දින දෙකකට ඉහතදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එක්ව ගල්කිස්ස ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවස පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී නිවසේ තිබූ සේප්පුවක් ද නිලධාරීන් භාරයට ගන්නා ලදී.