
නිවෙස්වල ඇතිදැඩි කළ සුනඛයින් දස දෙනෙකුට වස ලබා දී ඝාතනය කිරීමේ සිද්ධියක් කලාවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
කලාවැව විජිතපුර දෙවන පටුමගේ පිහිටි නිවෙස් කිහිපයක ඇති දඩි කළ සුනඛයින් පිරිසක් මෙලෙස ඝාතනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් එම සුනඛයින්ගේ භාරකරුවන් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.
මියගිය සත්ත්වයින්ගෙ භාරකරුවන් පවසන පරිදි මහමඟ අසරණව සිටි සුනඛයින්ව ඔවුන් මෙලෙස රැකබලාගෙන ඇති අතර එම සත්ත්වයින්ට අවශ්‍ය කරන ජලභීතිකා එන්නත් ඇතුළු වෛද්‍ය ප්‍රතිකාර ද ලබාදී පශුවෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි කර නිවෙස්වලට ගෙනවිත් ඇත.
එම නිවෙස් තුළ සුනඛයින් 12 දෙනෙකු පමණ සිට ඇති අතර මෙම සිද්ධියෙන් පසු සුනඛයින් දස දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
එම මරණ එකම දවසක සිදුව ඇති බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් Animal Welfare Coalition (AWC) සංසදය ද මැදිහත්ව තොරතුරු සොයාබලා ඇති අතර, මේ වන විට මෙම අපරාධය සිදු කළ පුද්ගලයා හඳුනාගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.