සෞඛ්‍ය සේවාව ආයතන තුළට සීමා නොවී ක්ෂේත්රයට ගෙන ඒමට කටයුතු කරන බවත්, සියලු සෞඛ්‍ය වෘත්තිකයින් අවබෝධයෙන් සහ කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පවුල් සෞඛ්‍ය සේවාව තුළ පැන නැගී ඇති ගැටළු සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන්ගේ සංගමයේ නිලධාරීනියන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර එහි දී අමාත්‍යවරයා මෙම අදහස් දක්වන ලදි.
සෞඛ්‍ය සේවාව ආයතන තුළට සීමා නොවී ක්ෂේත්රයට ගෙන ඒමට කටයුතු කරන බවත්, එහි දී ක්ෂේත්රයේ රාජකාරී නිසි පරිදි ඉටු නොවුන හොත් සෞඛ්‍ය සේවාවේ කුමන සංවර්ධනයක් කළ ද ඉන් ප්‍රයෝජනයක් නොවන බව මෙහිදී පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ක්ෂේත්රයේ රාජකාරි කටයුතුවල නිරත වන සෞඛ්‍ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදෙන බවත්, ඔවුන් අවබෝධයෙන් කණ්ඩායම් හැගීමෙන් රාජකාරී කටයුතු සිදු කිරීම අපේක්ෂා කරන බව ද පැවසීය.
ජනතාවට සෞඛ්‍ය සේවාවන් සැපයීමේ දී සියලු වෘත්තිකයින් සහයෝගයෙන්, එකඟතාවයෙන් කටයුතු කිරීම සේවාවේ උන්නතිය සඳහා ඉතා වැදගත් වන බවත්, සෞඛ්‍ය සේවාව ඉහළට ඔසවා තැබීමට කටයුතු නොකර අභ්‍යන්තර ප්‍රශ්ණ විසදීමට පමණක් අවධානය යොමු කිරීම නිෂ්ඵල කටයුත්තක් බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.
පවුල් සෞඛ්‍ය සේවාවට මෙන්ම අනෙකුත් වෘත්තිකයින්ගේ සේවාවලට ද අදාළව ඉදිරියේ දී තවත් අවස්ථාවන් රැසක් උදාවන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව වැඩපිළිවෙලත් සමග සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තිකයින්ට ඉදිරියේ දී වැඩ අධික කාලසීමාවක් වන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
මෙම සාකච්ජාවේ දී සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන්ගේ සංගමය විසින් සිය වෘත්තීය ගැටළු ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් ලබා ගන්නා වසර එකහමාරක පුහුණු කාලය වසර 03 දක්වා දීර්ඝ කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවාව ස්වාධීන සේවාවක් බවට පත් කිරීම, සුතිකාගාර රාජකාරි කටයුතු සිදු කිරීමේ දී අනෙකුත් කාර්ය මණ්ඩල සමග පැන නැගී ඇති ගැටළු නිරාකරණය කර ගැනීම, පවුල් සෞඛ්‍ය සේවිකා පුහුණු විද්‍යායතනයක් ස්ථාපිත කිරීම, ප්‍රජා සෞඛ්‍ය ඒකක ස්ථාපිත කිරීමේ දී විසඳා ගත යුතු කරුණු, යතුරු පැදි ලබාදීමේ දී යතුරු පැදි ලබා නොදුන් පිරිස් කෙරෙහි අවධානය යොමු කිරීම, විධිමත් රාජකාරී ලැයිස්තුවක් ලබාදීම මෙන්ම තවත් වෘත්තීය ගැටළු රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතූළු නිලධාරීන්ට ඉදිරිපත් කළ අතර, එම ගැටළු සඳහා අවධානය යොමු කරමින් සාධනීය වූ විසඳුම් ලබාදීමට අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (පුහුණු හා පර්යේෂණ) එම්.ඒ.එස්.සී සමරකෝන්, අතිරේක ලේකම් චාමික ගමගේ, සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ආර්.ඒ.ඩී දමයන්ති කුමාරි යන මහත්ම මහත්මීන් ඇතුළු සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන්ගේ සංගමය නියෝජනය කරමින් වෘත්තීය සමිති නිලධාරිනියන් පිරිසක් එක්ව සිටියාය.