මිද්දෙණිය ප්‍රදේශයේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා රසායන ද්‍රව්‍ය තිබූ භූමිය තුළ තිබියදී ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ සහ අත්බෝම්බ කිහිපයක් ද සොයාගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් අද (06) කළ පරීක්ෂාවකදීයි.
එම භූමියේ මඤ්ඤොක්කා වගාවක් ආසන්නයේ තිබූ අලුත කැපූ කාණුවක තිබී විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බ පහක්, T 56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ 17ක්, බෝරා 12 ගිනි අවි උණ්ඩ තුනක් මෙලෙස සොයාගෙන තිබෙනවා.