හැටන් කොටගල ප්රදේශයේ සංචාරයක් සදහා පැමිණ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු එම සංචාරක හෝටලයේ කාමරය තුල මිය ගොස් ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
මෙසේ මිය ගොස් ඇත්තෙ කොළඹ ප්රදේශයේ සිට කොටගල ප්රදේශයට දක්වා සංචාරයක් සදහා පැමිණි රියන්සි පිල්ලේ නැමති (60) අයෙකි.
(05) දින පස්වරුවේ තම මිතුරෙකු සමග සංචාරක හෝටලයට පැමිණි මිය ගිය පුද්ගලයා එම සංචාරක හෝටලය තුල මිතුරා සමග මත් පැන් පානය කර හෝටලය තුල බිම වැටෙන ආකාරය එම හෝටලයේ සවි කර ඇති ආරක්ෂක කැමරාවේ සටහන් වී තිබුණි.
බිම වැටුණු පුද්ගලයා යලිත් කාමරය වෙත ගොස් (06) දින අලුයම අවධි නොවූ නිසා හෝටලයේ සේවකයෙකු විසින් ඒ පිලිබදව දිඹුල පතන පොලිසිය වෙත පැමිණිලි කිරිමෙන් පසු හෝටලය වෙත පොලිසිය පැමිණ පරික්ෂා කිරිමේදි එම පුද්ගලයා හෝටලය තුල මිය ගොස් ඇති බව පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.
මිය ගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්රාත් ස්ථාන පරික්ෂණය (06) දින පස්වරුවේ පැවැත් වූ අතර, එහිදි මහේස්ත්රාත්වරයා සිරුර දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෙවද්යවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කලහ.
(හැටන් රංජිත් රාජපක්ෂ)