මේ දින වල වෛද්‍ය උපදෙස් මත විවේක ගන්නා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවේකයෙන් ඉන්නා අතරතුරක් තවත් අපූරු වැඩක් පටන් ගනු ලබුවා. ඒ චැට් ජී.බී ටී ඇප් එක සමග සංවාදයක් ගොඩ නගා ගැනීමයි.... රනිල් වික්‍රමසිංහ මහතා සහ චැට් ජී.බී.ටී එලෙස සංවාදය ගොඩනගා ගත්තේ ලංකාවේ ඉතිහාසය පිලිබ්ඳව වන අතර එම සංවාදයේ පිටු 60 ක් අඩංගුයි. එම සංවාදය ඉදිරියේදී මාධ්‍යයෙන් පිට කිරීමට නියමිතව ඇති අතර එම සංවාදය බෙහෙවින් ජනාදරයට පත්වනු ඇති බව ඉතිහාසය ගැන උනන්දු බොහෝ අයගේ අදහස වි තිබෙනවා. මෙ අතර රනිල් වික්‍රමසිංහ හිටපු ජනධිපතිවරයා ජාතික රෝහලෙන් පිටව යන අවස්ථාවේ අතේ තියාගෙන සිටි බොරිස් ජෝසන්ගේ පොත රටේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.
" අර පොත කියවලා ඉවර කළාදැයි" විමසූ අවස්ථාවේ හිටපු ජනධිපතිවරයා කියා සිටියේ... " නෑ තාම කියවලා ඉවර නෑ... බොරිස් ජොන්සන්ගේ ලේඛන ශෛලිය ඉතාම අනර්ඝයි...එයින් ඉගෙන ගන්න දේවල් ගොඩයි... ඔය කෑ ගහන අයට මම කියන්නේ ටිකක් කෑ ගහන්නේ නැතුව ඔය වගේ පොතක් කියවල ඉගෙන ගන්න... ඒක ඉතා සරල අව්‍යාජ ලේඛන රීතියක්...බොරිස් හොඳ ලේඛකයෙක්....චර්චිල් ගෙන් පස්සේ ලියන්න පුළුවන් නායකයෙක් විදිහට බොරිස් හඳුන්වන්න පුළුවන්" යනුවෙන් පොත ගැන විමසන අයට රනිල් වික්‍රමසිංහ මහතා පවසුවා....