
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර හමුවේ මේ වන විට ඉරාන දරුවන් 193 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රජය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
මියගිය පිරිස අතර අටමස් බිළිඳියක ද සිටින බව සඳහන්. මීට අමතරව සිව්මස් බිළිඳෙකු ද ප්‍රහාරවලින් තුවාල ලබා තිබේ.
ප්‍රහාර හේතුවෙන් මේ වන විට සෞඛ්‍ය සේවකයින් 11 දෙනෙකු මියගොස් ඇති බවත්, වෛද්‍ය හා සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ඉලක්ක වී ඇති බවත් සඳහන්.
විනාශ වූ දේපළ අතරට සෞඛ්‍ය සේවා ඒකක 52ක් සහ වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන 29ක් ද අයත් වේ.
එමෙන්ම හදිසි ප්‍රතිකාර ඒකක 19ක් සහ ගිලන්රථ 16කට හානි සිදුව තිබේ.
ගිලන්රථ 4ක් සහ එක් මුදාගැනීමේ හෙලිකොප්ටර් යානයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.