
ධීවර ක්ෂේත්රයේ රාජකාරි කටයුතුවල නියැළෙන ක්ෂේත්‍ර නිලධාරින්ට යතුරු පැදි මිල දී ගැනීම සඳහා ඉන්දියානු රජය ලබා දීමට නියමිත මූල්‍ය ප්රදානය ලබා ගැනීම සඳහා ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ පවතින ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ හා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරින් සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ක්ෂේත්‍ර පර්යේෂණ සහායකයින් විසින් සිදු කරනු ලබන රාජකාරි, වඩා ඵලදායීව, කාර්යක්ෂමව සහ තෘප්තිමත්ව ඉටු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි රජයේ සුවිශේෂී අවධානය යොමුව තිබේ.
ඒ අනුව, ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් බාධාවකින් තොරව සැලසීමේ අරමුණ සහිතව 2026 වර්ෂයේදී ධීවර අංශයේ ක්ෂේත්‍ර මට්ටමේ රාජකාරිවල නිරත නිලධාරින් 430දෙනෙකු වෙත විදුලි යතුරු පැදි ලබා දීමට සැලසුම් කර ඇත.
එම යතුරු පැදි මිල දී ගැනීම සඳහා අදාළ පිරිවැය වන ශ්‍රී ලංකා රුපියල් මිලියන 264.59ක මුදල ඉන්දියානු රජය විසින් මුල්‍ය ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟතාව පළ කර තිබේ.