
හොරණ - බටගොඩ ප්රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක අද (03) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු ගින්නට හසුව ඇති අතර 50කට වැඩි පිරිසක් මුදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මුදාගත් පිරිස ගල්පාත සහ හොරණ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් යොදවා අති බව පොලීසිය පවසයි.