හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ඒ, ප්රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම්දීමකට අනුවය.
හිටපු ජනපතිවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ, ඒ මහතා ජනාධිපති ධූරයේ සිටියදී රජයේ මුදල් අවභාවිතා කරමින් ලන්ඩනයේ සංචාරයක නිරත වී ඇති බවට එල්ල වී ඇති චෝදනාවක් අනුව සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි.
ඒ අනුව රනිල් වික්රමසිංහ මහතා නිව්යෝර්ක් සංචාරයක නිරතව පසුව එක්සත් රාජධානියට යාම පිළිබඳව එකී විමර්ශනයේදී අවධානය යොමුකරනු ඇති.
එහිදී රනිල් වික්රමසිංහ මහතාට එල්ලව ඇති චෝදනාව වන්නේ, ලන්ඩන් සංචාරය පෞද්ගලික හේතූන් මත සිදු වූ නමුත් රාජ්ය අරමුදල් මගින් ඊට අරමුදල් සපයා ඇති බවයි.
පුද්ගලයන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධ වූ මෙම සංචාරය සඳහා රජයට රුපියල් මිලියන 16.9 ක් පමණ වැය වූ බව CID ඇස්තමේන්තු කර ඇති අතර විමර්ශනයේ කොටසක් ලෙස දැනටමත් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ හිටපු පෞද්ගලික ලේකම් සැන්ඩ්රා පෙරේරාගෙන් ද ප්රශ්න කර තිබේ.