බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
ඒ, හිටපු ජනාධිපතිවරයා හට ලබාදිය යුතු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට වෛද්‍යවරුන් කළ නිර්දේශ කිරීමත් සමඟයි.
ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජාතික රෝහලට මාරුකර යැවූ බවයි අප කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) අත්අඩංගුවට ගත් හිටපු ජනපතිවරයා, එළඹෙන 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අනතුරුව එතුමා ඊයේ රාත්‍රියේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළා.
ඒ, රුධිර පීඩනය ඉහළ යාම සහ සීනි මට්ටම ඉහළ යාම යන සෞඛ්‍යයමය හේතූන් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරුන් කළ නිර්දේශ කිරීමත් සමඟයි.