
හෙට (19) දිනයේ සිට QR කේතයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දී, වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව, අංක තහඩුවේ අවසාන අංකය ඉරට්ටේ හෝ 0 නම් ඉරට්ටේ දිනවලත්, සෙසු අංක සඳහා ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කරනු ඇති.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, ඩී.ජේ. රාජකරුණා මහතා
''අපි තීන්දු කළා ඔත්තේ ,ඉරට්ටේ ක්රමයට තෙල් ලබාදෙන්න. දිනය ඔත්තේ දිනයක් නම්,, උදාහරණයක් හැටියට ගත්තොත් හෙට (19) තෙල් ලබාගන්න පුළුවන් වෙන්නෙ, ඔත්තේ අංකවලට විතරයි. ඒ කියන්නෙ 1, 3, 5, 7 සහ 9 කියන අංක නම් ඔබේ වාහනයේ අවසාන අංකය,, හෙට (19) ඒ වාහන සඳහා තෙල් ලබාදෙනවා. ඔබට QR කේතය තිබෙන්න ඕනි.
අපි බලාපොරොත්තු වෙනවා භාගෙට භායක් සෙනඟ මේ පෝළිම්වලින් අයින් කරගන්න. දවස් දෙකක් මේ කැපකිරීම ඔබ කළෝතින් ඔබට කිසීම කරදරයක් නැතුව තෙල් ලබාගන්න පුළුවන්...''