
ශ්‍රී ලංකාව තුළ දේශිය සහ විදේශීය පුද්ගලයින් හට නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා පියාසර කිරීම තහනම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. මීට පෙරද අධි ආරක්ෂිත කලාපයන් තුල ඩ්‍රෝන යානා ක්‍රියා කල පුද්ගලයින් හට නීත්‍යානුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන්. එබැවින්, ශ්‍රී ලංකාව තුළ ඩ්‍රෝන යානා පියාසර කිරීමට කටයුතු කරන පුද්ගලයින්, අදාළ නීති හා රෙගුලාසි පිළිපදිමින් නිසි අවසර ලබාගෙන පමණක් ඩ්‍රෝන යානා පියාසර කරවිය යුතු බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුම් දෙනු ලබනව. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමත්, ඩ්‍රෝන යානා ක්‍රියා කරවන්නන් හට ඇතිවිය හැකි නීතිමය ගැටළු සහ අපහසුතා වළක්වා ගැනීමටත් අවදානය යොමු කරමින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉල්ලා සිටිනවා.