
අම්බලන්තොට - කතරගම ප්රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ දී සිදුවූ මාරක බස් අනතුරකින් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ, ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනි.
අනතුරින් තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ - කතරගම ධාවනයේ යෙදෙන බස් රථයක් සහ තිස්ස සිට කරාපිටිය බලා ධාවනය වන ලංගම බස්රථයකි.