
ඉරානය සමඟ යුද්ධය පවතින පසුබිමක, ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් එරට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රැන්ඩි ජෝර්ජ් (Gen. Randy George) ඇතුළු ජෙනරාල්වරුන් තිදෙනෙකු ඊයේ (අප්‍රේල් 02) දින ධුරවලින් ඉවත් කර තිබේ.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රැන්ඩි ජෝර්ජ්ට වහාම විශ්‍රාම ගන්නා ලෙස දන්වා ඇති අතර, මේජර් ජෙනරාල් විලියම් ග්‍රීන් සහ පුහුණු ඒකකයේ (Army Transformation and Training Command) අණදෙන නිලධාරී ජෙනරාල් ඩේවිඩ් හොඩ්නේ ද ධුරවලින් පහ කර ඇත.
මෙම තීරණය පිළිබඳව හමුදා ඉහළ පෙළේ නායකත්වය පවා මීට පෙර දැනුවත්ව නොසිට ඇති අතර, ජෙනරාල් රැන්ඩි ජෝර්ජ් හට මේ බව දන්වා ඇත්තේ ඔහු රැස්වීමක සිටියදී ආරක්ෂක ලේකම්වරයාගෙන් ලැබුණු දුරකථන ඇමතුමකිනි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහි ප්‍රහාර දැඩි කරන බවට කළ ප්‍රකාශයෙන් දිනකට පසු මෙම ඉවත් කිරීම් සිදුවිය.
යුද්ධය පවතින අවස්ථාවක ගුවන් සහ මිසයිල ආරක්ෂණ පද්ධති මෙහෙයවන ප්‍රධානියා මෙසේ ඉවත් කිරීම ආරක්ෂක අංශ තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.
ජෙනරාල් ජෝර්ජ් විසින් යුද හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කොල් සමඟ සමීපව කටයුතු කිරීම, ආරක්ෂක ලේකම් හෙග්සෙත්ගේ අප්‍රසාදයට හේතු වන්නට ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.