
කේ.ඩී.ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් හිරු ප්රවෘත්ති වෙත එවා ඇති එන්තරවාසියට ප්‍රබල පිළිතුරක් ඉදිරි පැය 24 තුළ අමාත්‍යවරයා වෙත යවන බව, හිරු මාධ්‍ය ජාලය නිවේදනය කර තිබේ.
අමාත්‍යවරයා විසින් හිරු මාධ්‍ය ජාලය වෙත එන්තරවාසියක් නිකුත් කර තිබුණේ, සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කරමින් කීර්ති නාමයට හානි වන අන්දමින් පුවතක් විකාශය කර ඇති බව උපුටා දක්වමිනි.
එලෙස එවන ලද එන්තරවාසියට ප්‍රබල පිළිතුරක් යවන බව, හිරු මාධ්‍ය ජාලය මඟින් එහි නියෝජ්‍ය ප්රවෘත්ති අධ්යක්ෂවරයාගේ අත්සනින් යුතුව ලිපියකින් අවධාරණය කර තිබේ.
එමෙන්ම හිරු මාධ්‍ය ජාලයට එල්ල වන මඩ ගැසීමේ තැතක් පිළිබඳව ද එම ලිපියෙහි සඳහන්.
හිරු මාධ්‍ය, පොලිස් ආරක්ෂාව ඉල්ලූ බවට සඳහන් කරමින් කූඨ ලේඛනයක් සකසා හිරු මාධ්‍ය ජාලයට මඩ ගැසීමේ තැතක් සමාජ මාධ්‍ය උපයෝගි කරගෙන ක්‍රියාත්මක වෙමින් පවතින බව එම ලිපියේ දැක්වේ.
ඒ අනුව හිරු මාධ්‍ය ජාලයේ සාමාජිකයන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල සංසරණය වනුයේ මුළුමනින්ම ව්‍යාජ ලිපියක් බවද හිරු ටී.වී. නියෝජ්‍ය ප්රවෘත්ති අධ්යක්ෂ තරංග දිනුෂ් ජයකොඩි සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.
එවැනි ඉල්ලීමක් හිරු මාධ්‍ය ආයතනය පොලිස්පතිවරයාගෙන් කර නොමැති බවත් එසේ කූඨ ලේඛන සකස් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් නියෝජ්‍ය ප්රවෘත්ති අධ්යක්ෂවරයා එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.