
ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව, ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු, චීන සහ රුසියානු රාජ්‍ය නායකයින් අද (නොවැම්බර් 19) චීනයේ ෂෙන්සෙන් නුවරදී එකම සාකච්ඡා මේසයකට එක්වීමට නියමිතය.
මෙම රටවල නායකයින් විධිමත් රැස්වීමක් පවත්වන පළමු අවස්ථාව මෙයයි.
න්‍යාය පත්‍රයේ ඇතැයි සැලකෙන මාතෘකා අතරට යුක්රේනයේ සහ ඉරානයේ යුද්ධ, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය, වෙළඳ ආතතීන් සහ කෘත්‍රිම බුද්ධියේ (AI) වර්ධනයන් ඇතුළත් වේ.
කෙසේ වෙතත්, මෙම හමුවෙන් අනතුරුව නිශ්චිත ගිවිසුමකට හෝ එකඟතාවකට එළඹෙනු ඇතැයි අපේක්ෂා නොකරන බව ඇමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ රොයිටර් පුවත් සේවා වාර්තා කර තිබුණි.
APEC සමුළුවට සමගාමීව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් ද සිදුව තිබේ.