
ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ, විශේෂයෙන්ම සිඩ්නි නගරය ආශ්‍රිතව පැය 48ක් ඇතුළත සිදු වූ මෝර ප්‍රහාර මාලාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.
එම වාර්තාවන්ට අනුව, දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රහාර 4ක් වාර්තා වී ඇත.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙය ඉතා දුර්ලභ තත්ත්වයක් වන බවයි.
ඒ අනුව ජනවාරි 18 වැනිදා සිඩ්නි වරාය ආශ්‍රිතව පිහිනමින් සිටි 12 හැවිරිදි පිරිමි දරුවෙකුට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු බරපතල තුවාල ලබා තිබෙනවා.
ජනවාරි 19 වැනිදා 'Dee Why' වෙරළේදී 11 හැවිරිදි දරුවෙකුගේ සර්ෆින් බෝඩ් එකකට මෝර ප්‍රහාරයක් එල්ලව ඇති අතර ඉන් පැය කිහිපයකට පසු 'Manly' වෙරළේදී තවත් පුද්ගලයෙකු දරුණු මෝර ප්‍රහාරයකට ලක්ව තිබේ.
එමෙන්ම ජනවාරි 20 වැනිදා සිඩ්නි නගරයෙන් කිලෝමීටර් 300ක් උතුරට වන්නට තවත් සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පපුව ප්‍රදේශයට මෝර ප්‍රහාරයක් එල්ලව ඇති අතර අනතුරින් ඔහු තුවාල ලබා ඇති බව සඳහන්.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ හදිසියේම මෝරුන් මෙතරම් ආක්රමණශීලිව ඇත්තේ වෙරළාශ්‍රිතව නිර්මාණයව ඇති පාරිසරික තත්ත්වයන් හේතුවෙන් වන බවයි.
පවතින තත්ත්වය හමුවේ ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයන් බොහොමයක් මේ වන විට තාවකාලිකව වසා දමා ඇති අතර ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණ කටයුතු දැඩි කර ඇති බව සඳහන්.