
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වුණු එක් නඩු කටයුත්තක් (පාස්කු මහ නඩුව) ඊයේ (22) රාත්‍රියේ අවසන් වුණු අතර එහිදී විත්තිකරුවන් 15 දෙනෙකුට බරපතළ වැඩසහිත දීර්ඝ සිර දඬුවම් නියම කෙරුණා.
ඒ ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අදාළවයි.
එලෙස වරදකරුවන් කෙරුණු එම විත්තිකරුවන් 15 දෙනා බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමෙන් පසු අද (23) අලුයම බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.
වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් හට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම් නියම වූයේ පහත පරිදි වේ.
වසර 200 සිර දඬුවම :
මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්)
මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්( අබූ මිසාන්)
හුසේනූල් රිස්වි කාලිද් සමීර්
මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා)
කච්චි මොහොමඩ් ජෙස්මින්
වසර 220 සිර දඬුවම :
නවුෆර් මවුලවි හෙවත් මොහොමදු ඊබ්‍රහිම් මොහොමදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි
මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්
අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි / අබූ ෆුර්කාන්)
මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස් (අබු නන්ජියාර්)
රසික් රාසා හුසේන්
වසර 240 සිර දඬුවම :
මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්)
හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා)
මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)
මොහොමද් ඊබ්‍රහිම් අබ්දුල් හක් (අබූ ෆලා)
වසර 260 සිර දඬුවම :
අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්
නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් :
මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්)
මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ් (අබු මොහොමඩ්)
රෂීඩ් මොහොමඩ් ඉබ්‍රහිම්
සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්
මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන්
මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා)
මොහොමඩ් අමීන් අයන්තුල්ලා
මොහොමඩ් අන්සාර් දීන් හිල්මි
මොහොමඩ් අක්රම් අහක්කම්
මියගිය විත්තිකරු :
යාසිම් බාවා අබ්දුල් රවුෆ්
2019 වසරේ පාස්කු ඉරුදින (අප්‍රේල් 21) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය.
මෙම ප්‍රහාරයෙන් දිවි අහිමිවූ ගණන 270කට අධිකය. ඔවුන් අතරින් 45 දෙනෙක් විදේශිකයින් වූ අතර ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 500කට අධිකය.