
මුදල් විශුද්ධිකරණ වරදකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
භාණ්ඩ ආනයනය කරන බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මෙරට ලියාපදිංචි සමාගම් 89ක් විසින් විද්‍යුත් විගමන පැවරුම් හරහා ඇමරිකානු ඩොලර් සංචිත මෙරටින් බැහැර කර ඇති බවටත්, අදාළ භාණ්ඩ මෙරටට ආනයනය කර නොමැති බවටත් පොලිස් මූලස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී අදාළ සමාගම් 89 අතරින් සමාගම් 05ක් මඟින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85කට අධික වටිනාකමකින් යුත් ඇමරිකානු ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා. .
අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි, කොළඹ 12, වේල්ල වීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.