
ඉරානයේ උත්තරීතර නායකයා ලෙස පදවි ප්‍රාප්තියට පත්වීමෙන් පසු, මොජ්තාබා ඛමේනි (Mojtaba Khamenei) මෙතෙක් ප්‍රසිද්ධ මාධ්‍යයේ පෙනී සිට නැත.
කෙසේ නමුත්, ඔහු රාජ්‍ය රූපවාහිනිය හරහා අඛණ්ඩව නිල ප්‍රකාශයන් නිකුත් කරමින් සිටියි.
එලෙස නිකුත් කර ඇති නවතම නිවේදනයට අනුව, මැදපෙරදිග කලාපීය බලවතුන් මින් ඉදිරියට ඇමරිකානු මිලිටරි කඳවුරුවලට "ආරක්ෂක වැටක්" නොවන බවත්, ඇමරිකාවට තවදුරටත් මෙම කලාපය තුළ "ආරක්ෂිත කලාපයක්" හිමි නොවන බවත් උත්තරීතර නායකයා අවධාරණය කර ඇත.
යුද්ධය පුරාම ඉරානයේ ප්‍රධානතම තර්කයක් වූයේ කලාපීය රටවල් එක්ව ඇමරිකානු මැදිහත්වීම් අවසන් කළ යුතු බවයි.
මොජ්තාබා ඛමේනි සිය ප්‍රකාශයෙන් අදහස් කරනුයේ ඉරානයට යම් තර්ජනයක් දැනෙන සෑම අවස්ථාවකදීම ඔවුන් ඊට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් ප්‍රතිප්‍රහාර දෙන බැවින්, ඇමරිකාව මින් ඉදිරියට ආරක්ෂිත නොවන බවයි.
එමෙන්ම ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් (Proxy forces) විසින් ඇමරිකානුවන්ට සහ 'ඊශ්‍රායලයට' හොඳ පාඩමක් උගන්වා ඇති බවත් මොජ්තාබා ඛමේනි අවධාරණය කර ඇත.
ඒ අනුව සියලුම ඉස්ලාමීය රටවලට සහ රජයන්ට පොදු යහපත උදෙසා මිත්‍රත්වයට සහ සහයෝගීතාවයට අවංකවම ආරාධනා කරන බවටත් ඔහු ප්‍රකාශ කර ඇත.
ඔහුගේ මෙම පණිවිඩය පැහැදිලිවම අවධාරණය කරන්නේ ඇමරිකානු ආධිපත්‍යයෙන් තොර, නව කලාපීය දේශපාලන වටපිටාවක් ගොඩනැඟීම කෙරෙහි යන්න පැහැදිලි වේ.