
සෞදි අරාබියේ පිහිටි ප්‍රින්ස් සුල්තාන් (Prince Sultan) ගුවන් කඳවුර ඉලක්ක කරගනිමින් ඉරානය විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින්, එහි නවතා තිබූ ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ඉන්ධන පිරවුම් ගුවන් යානා (Refueling planes) පහකට හානි සිදුව ඇති බව වාර්තා වේ.
ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් 'වෝල් ස්ට්‍රීට් ජර්නල්' (Wall Street Journal) ඊයේ (මාර්තු 13) දින මේ බව වාර්තා කරන ලදී.
ප්‍රහාරයට ලක්වූ ගුවන් යානා පහ සම්පූර්ණයෙන්ම විනාශ වී නොමැති නමුත් ඒවායේ ක්‍රියාකාරීත්වයට හානි සිදුව ඇති බව සඳහන්. එමෙන්ම මේ වන විට එම යානා අලුත්වැඩියා කරමින් පවතින බව ද වාර්තා වේ.
මෙම මිසයිල ප්‍රහාරයෙන් කිසිදු පුද්ගල මරණයක් හෝ බරපතල තුවාල ලැබීමක් වාර්තා වී නොමැත.
ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර යනු මැදපෙරදිග කලාපයේ ඇමරිකානු ගුවන් මෙහෙයුම් සඳහා සහාය වන ප්‍රධානතම මධ්‍යස්ථානයකි.