
ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දි තවත් දින 30 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ පවසා සිටියා.
සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලැබූ කරුණු දැක්වීමකින් අනතුරුව එලෙස නියෝග කළා.
සැකකාරියට එරෙහිව ගෙන තිබූ පළමු දින 90ක රැඳවුම් නියෝග 2026/1/15 දිනෙන් අවසන් වු බවත් ඉන්පසු දෙවන දින 90 ක රැඳවුම් නියෝග කාලය ලබාගත් බවත්, එම දින 90ක රැඳවුම් නියෝග කාලය ද මේ වන විට අවසන් වන බැවින් තවත් දින 30ක කාලයක් ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියා.
මෙම සිද්ධියට අදාලව විදෙස්ගතව සැකකරුවන් අට දෙනෙක් සිටින බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වනු ලැබුවා.