
ආන්දෝලනාත්මක එප්ස්ටයින් (Epstein) සිද්ධියට අදාළව, ඇන්ඩෘ කුමරුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා පූර්ණ සහය ලබාදීමට චාල්ස් රජු සූදානම් බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ඇන්ඩෘ මවුන්ට්බැටන්-වින්ඩ්සර්ට එරෙහිව එල්ල වී ඇත්තේ, රහසිගත තොරතුරු පිටකිරීමේ චෝදනාවයි.
අලුතින් ප්‍රසිද්ධියට පත් වූ එප්ස්ටයින් ලිපිගොනුවලට (Epstein files) අනුව, ඇන්ඩෘ කුමරු විසින් බ්‍රිතාන්‍යයේ වෙළඳ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ සමයේ ලබාගත් රහසිගත තොරතුරු ජෙෆ්රි එප්ස්ටයින් වෙත යවා ඇති බවට සාක්ෂි හමුවී තිබේ.
ඒ අනුව 2010 වසරේදී සිංගප්පූරුව, හොංකොං සහ වියට්නාමය යන රටවල සිදුකළ සංචාරවලට අදාළ වාර්තා ලැබී මිනිත්තු 5ක් ඇතුළත ඔහු ඒවා එප්ස්ටයින් වෙත යවා ඇත.
එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ ආයෝජන අවස්ථාවන් පිළිබඳව වූ "රහසිගත" විස්තර ද එප්ස්ටයින් වෙත ලබා දී ඇති බව කියැවේ.
රාජ්‍ය නිලධාරියෙකු ලෙස මෙවැනි තොරතුරු පිටකිරීම "රාජ්‍ය රහස් පනත" උල්ලංඝනය කිරීමක් ලෙස සැලකේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බකිංහැම් මාළිගාව මෙන්ම විලියම් කුමරු සහ කැතරින් කුමරිය ද සිය දැඩි කනස්සල්ල පළ කර ඇත.
ඇන්ඩෘ මවුන්ට්බැටන්-වින්ඩ්සර් මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු පවසන්නේ තමන් කිසිදු වැරදි ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවයි.
කෙසේ වෙතත්, මිලියන 3ක් පමණ වූ නව ලේඛන ප්‍රසිද්ධ වීමත් සමඟ ඔහුට එල්ල වන පීඩනය තවදුරටත් දැඩි වී තිබේ.