ඉන්දියාවේ පැවති MR UNIVERSE තරඟාවලියේ Mr. Teen Universe Ambessador කිරුළ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ නෙත්මිත මොන්ට්‍රි ජයවර්ධන සමත්ව තිබෙනවා.
එම ජයග්‍රහණයට අමතරව ඔහු සමස්ත තරඟාවලියේ Best National Costume අංශයේ ජයග්‍රහණය ද හිමිකරගැනීමට සමත්වීම විශේෂයි.
Mister Universe Sri Lanka 2025 ලෙස ජයග්‍රහණය කරමින් ජාත්‍යන්තරය නියෝජනය කළ මොන්ට්‍රි ජයවර්ධන, තවමත් 18 හැවිරිදි වියේ පසුවන ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හදාරන තරුණයෙකි.
එමෙන්ම ග්‍රැෆික් නිර්මාණකරණය, ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ අධ්‍යයන කටයුතු කරගෙන යන ඔහු පෞරුෂත්ව සංවර්ධනය වැනි ජාත්‍යන්තර වේදිකාවක් නියෝජනය කිරීමට අවැසි සුදුසුකම්වලින් අනූන වූවෙකි.
ඔහු මෙලෙස සිය නිරූපණ ගමන ජාත්‍යන්තර ජයග්‍රහණ දක්වා රැගෙන යන ලද්දේ, ජාතික අධ්‍යක්ෂිකා මයුමි ශ්‍රීමාලිගේ මඟ පෙන්වීම යටතේයි.